
ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින්, අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය (Federal Reserve) විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබේ.
ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමට ෆෙඩරල් සංචිතය එකඟතාව පළ කර ඇත.
පොලී අනුපාතික අඩු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස බලපෑම් කළද, මහ බැංකු මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයකි.
පොලී අනුපාතික අඩු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස බලපෑම් කළද, මහ බැංකු මණ්ඩලය ඒකමතිකව මෙම තීරණයට එළඹ තිබීම විශේෂත්වයකි.
මහ බැංකු සභාපති කෙවින් වෝර්ෂ් (Kevin Warsh) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ "උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, එය දිගු කලක් තිස්සේ එලෙසම පැවතුන" බැවින් මෙම වගකීමෙන් යුත් තීරණය ගැනීමට සිදු වූ බවයි.
පසුගිය කාලය තුළ අමෙරිකානු-ඊශ්‍රායල යුද්ධය සහ ඉරානය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් තොග තෙල් මිල ඉහළ යෑමත් සමඟ ඉන්ධන මිල ගණන් දැඩි ලෙස ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර, උද්ධමනය මහ බැංකුවේ අපේක්ෂිත 2% ඉලක්කයට වඩා වැඩි මට්ටමක වසර පහකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැවතීම ජනතාවට දැඩි පීඩාවක් වී තිබේ.
මහ බැංකු ප්‍රධානිගේ මෙම තීරණයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. පොලී අනුපාතික කඩිනමින් අඩු කරන ලෙස ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස බල කර තිබුණි.
තීරණයෙන් පසු අදහස් දැක්වූ ට්‍රම්ප්, තමන් කෙවින් වෝර්ෂ් කෙරෙහි විශ්වාසය තැබුවද, මහ බැංකු මණ්ඩලය ඉතා දේශපාලනික හා සතුරු ලෙස ක්‍රියා කරන බව සඳහන් කළේය.



















































