
ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
ප්‍රාන්ත දෙකෙහිම එකවර පවත්වනු ලබන මෙම අභ්‍යාසයට දෙපාර්ශ්වයෙන්ම හමුදා සාමාජිකයින් 600ක් පමණ සහභාගී වෙයි.
කඳුකර සහ අර්ධ කඳුකර භූමිවල හමුදා හැකියාව වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම හමුදා පුහුණුවට ඩ්‍රෝන යානා සහ නිරීක්ෂණ සහ ඔත්තු බැලීම සඳහා ස්වයංක්‍රීය පද්ධති භාවිත කිරීමට විශේෂත්වයකි.
මෙම යුද අභ්‍යාසය මගින් හමුදාවන් දෙකටම උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි බෙදාගැනීමට අවස්ථාවක් ලබාදෙන අතර විවිධ භූමි ප්‍රදේශ සහ මෙහෙයුම් පරිසරයන් හරහා සම්බන්ධීකරණ තුළින් හමුදා මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



















































