
එෆ්.බී.අයි. (FBI) ආයතනයේ අධ්‍යක්ෂ කාෂ් පටෙල් මහතාට සෙනෙට් අධිකරණ කමිටුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ.
ඔහුගේ නායකත්වය, පෞද්ගලික සංචාර සඳහා මහජන මුදල් අයථා ලෙස භාවිත කිරීම මෙන්ම 2020 ජනාධිපතිවරණයට අදාළ අත්අඩංගුවට ගැනීම් ඉක්මනින් සිදු වන බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මීට අමතරව, 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල උඩුයටිකිරීමේ උත්සාහයන් පිළිබඳ ෆෙඩරල් පරීක්ෂණ සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය ද ප්‍රශ්න කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කමිටුවේ සභාපති, රිපබ්ලිකන් සෙනෙට් මන්ත්‍රී චක් ග්‍රැස්ලි පවසා ඇත්තේ මෙම කාරණය කමිටුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම පවතින බවය.



















































