
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාසල් 3ක් තාවකාලික වසා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
අද (15) උදෑසන ලැබුණු ඊ මේල් පණිවුඩ තුනක් හේතුවෙන් මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ඊ මේල් පණිවුඩ ලැබුණු වහාම පාසල්වල සිසුන් ඉවත් කර සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබූ අතර සැකකටයුතු කිසිවක් හමුවී නොමැති බව සඳහන් වෙයි.
ඊ මේල් පණිවුඩ යොමු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කර තිබේ.



















































