
වර්තමානයේ AI තාක්ෂණය අත්පත් කරගන්නා වේගවත් සංවර්ධනය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සමාගම්කරුවන් අනතුරු ඇඟවීමත් සමඟ ලොව පුරා AI ආශ්‍රිත සමාගම්වල කොටස් මිල දැඩි ලෙස පහළ ගොස් තිබේ.
ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දාරියෝ අමෝඩි පසුගියදා ප්‍රකාශ කළේ AI සංවර්ධන වේගය තරමක් අඩු කරමින්, එමගින් ඇති විය හැකි අවදානම් කළමනාකරණය කිරීමට වැඩි කාලයක් ලබාදිය යුතු බවය.
OpenAI ප්‍රධාන විධායක සෑම් ඕල්ට්මන් සහ xAI සමාගමේ ප්‍රධානී ඊලෝන් මස්ක් ද මෙම අවදානම පිළිබඳ එකඟතාව පළ කර තිබුණි.
මේ අතර AI තාක්ෂණය අතිශය භයානක මට්ටමකට වර්ධනය වුවහොත් එය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි “කිල් ස්විච්” ක්‍රමයක් සමාගම්වලට අනිවාර්ය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ලොව ප්‍රධාන AI සමාගමක් වන ඇන්ත්‍රොපික්හි සම-නිර්මාතෘ ජැක් ක්ලාර්ක් මෙන්ම අමෙරිකානු නීති සම්පාදකයින් පිරිසක් ද මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එහෙත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ යෝජනාවට විරුද්ධ වෙමින් පවසා ඇත්තේ AI මගින් මිනිස් වර්ගයා විනාශ වනු ඇතැයි පළවන අනතුරු ඇඟවීම් ප්‍රෝඩාවක් බවය.




















































