
චීනයේ Chang’e-6 මෙහෙයුමේදී ලබාගන්නා ලද චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කර තිබේ.
ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඊයේ (14) පැවති විශේෂ උත්සවයකදී මෙය සිදුකෙරිණ.
චන්ද්‍රයාගේ අඳුරු දුරස්ථ ප්‍රදේශයකින් ලබා ගත් සාම්පලයක් ජාත්‍යන්තර සංවිධානයක් වෙත ලබා දුන් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA), වියනාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි චීනයේ ස්ථිර දූත මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ බාහිර අභ්‍යවකාශ කටයුතු කාර්යාලය (UNOOSA) ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
වියනාහි පිහිටි ජාත්‍යන්තර සංවිධාන රැසක ප්‍රධානීහු සහ විවිධ රටවල නිත්‍ය නියෝජිතයින් ඇතුළු ආරාධිතයින් 400කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ පරිපාලක Shan Zhongde, වියනාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Monica Juma, UNOOSA අධ්‍යක්ෂ Aarti Holla-Maini සහ වියනාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි චීනයේ ස්ථිර නියෝජිත Li Song යන මහත්ම මහත්මීන් විසින් මෙම සඳෙහි සාම්පලය එළිදක්වන ලදී.
ඉදිරියේදී වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මෙම සාම්පලය ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.



















































