
නිදන් සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් වන්දම ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදුකර තිබේ.
එහිදී නිදන් සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු කැණීම් සඳහා උපයෝගි කරගත් උපකරණද සමඟ මෙලෙස පොලීස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් අලව්ව සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.



















































