header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
බීමත්ව රිය පදවන්නන් සොයා පොලීසිය මෙහෙයුම් දැඩි කරයි
බීමත්ව රිය පදවන්නන් සොයා  පොලීසිය මෙහෙයුම් දැඩි කරයි
Mobitel 1278

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පරීක්ෂණ තීව්‍ර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව දිවයින පුරා සිටින සියලුම රථ වාහන නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී, විෂ මත්ද්‍රව්‍ය භාවිතය, බීමත්ව රිය පැදවීම, අන්තරාකාරී හා අපරික්ෂාකාරී රිය පැදවීම මෙන්ම අධික වෙහෙස ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන්ම ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවය.

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

තවද, යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරඟකාරී ලෙස, අවිනීත ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේ නම්, ඒ පිළිබඳව 070 47 55 600 යන WhatsApp අංකයට වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන සේ වීඩියෝ පටයක් ලබාදී තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එලෙස ලැබෙන තොරතුරු මත පදනම්ව අදාළ පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා,

"දෛනිකව සිදුවන මාරක සහ බරපතළ රිය අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී අපිට පෙනී යන ප්‍රධාන කාරණාවක් තමයි මෙම අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අන්තරාකාරී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අධික වේහෙස කියන කාරණාව. විශේෂයෙන්ම ටිපර් රථ රියැදුරන් සහ ලොරි රථ පදවන රියැදුරන් සෑහෙන ප්‍රමාණයක් ගැන අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගමන් කරන බවට. ඒ නිසා විශේෂයෙන්ම අපි සියලුම රථවාහන භාර ස්ථානාධිපතිවරුන් දැනුවත් කළා මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ තීව්‍ර කරන්න කියලා. ඒ එක්කම අපිට බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙනුත් සෑහෙන පැමිණිලි ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ඉදිරියේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තීව්‍ර කරනවා. ත්‍රීරෝද රථ රියැදුරන්, එතකොට බරවාහන එලවන ටිපර් රථ රියැදුරන්, ලොරි රථ රියැදුරන්, මේ අය විශේෂයෙන් පරීක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපිට අවශ්‍ය වන්නේ මේ දිනෙන් දින සිදුවන මාරක සහ බරපතළ අනතුරු අඩු කරන්න."

“බස් රථ රියැදුරන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොසිටිව් වෙලා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ රියැදුරුන්ගේ බලපත්‍ර අත්හිටුවන්න කටයුතු කරලා තියෙනවා. තවත් බොහෝමයක් කොන්දොස්තරවරුත් මේ තත්වයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම හයිලෙවල් රෝඩ් එකේ, මොරටුව කොළඹ පාර සහ අනෙකුත් සියලුම ප්‍රධාන මාර්ගවලත් මේ තත්වය තියෙනවා. විශේෂයෙන්ම අපි නැවත වතාවක් ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි, යම්කිසි බස් රථ රියැදුරෙක් අධික වේගයෙන් යනවා නම්, පාර මැද නවත්වනවා නම්, අනෙකුත් වාහනවලට ඉස්සර කරන්න දෙන්නේ නැත්නම්, තරඟයට යනවා නම්, අපි හඳුන්වා දීපු WhatsApp දුරකථන අංකය වන 070 47 55 600ට වීඩියෝ ගත කරලා එවන්න. අපි අනිවාර්යයෙන්ම ඇක්ෂන් ගන්නවා. විශේෂයෙන්ම අපි ජනතාවට කියන්නේ එවැනි නොහික්මුණු රියැදුරෙක්, මත්ද්‍රව්‍ය භාවිතා කර බවට සැකසහිත රියැදුරෙක්, බීමත්කම සම්බන්ධයෙන් සැකසහිත රියැදුරෙක්, අවිනීත ලෙස ප්‍රධාන මාර්ගයේ ගමන් කරනවා නම් අපිට වහාම ඒ සම්බන්ධයෙන් වීඩියෝ ගත කරලා තොරතුරු ලබා දෙන්න. අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බවට දැනුම් දෙනවා.”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට