
හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටීමෙන් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පැනමාවේ ධජය සහිත 'El Gaia' නමැති මෙම තෙල් නෞකාව දකුණු නාවික මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙලෙස මුහුදු බෝම්බයක ගැටී ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම පිපිරීමත් සමඟ මුළු නෞකාවම ගින්නෙන් විනාශ වී ඇති බවය.
කෙසේවෙතත්, ඉරානයේ මෙම ප්‍රකාශය අමෙරිකානු මධ්‍යම බලකාය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කරන්නේ අදාළ නෞකාව පසුගිය මාසයේදී ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක්ව අක්‍රිය වී තිබූ අතර, ඉන් පසුව ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට ද ලක්වූ බවය.
ඉරානය සිදුකරන මෙම ප්‍රකාශ වාණිජ නෞකා ගමනාගමනයට බාධා කිරීම සඳහා කරන අසත්‍ය ප්‍රචාර බව ද අමෙරිකාව වැඩිදුරටත් චෝදනා කර සිටී.



















































