
දුම්රිය සේවාව කාර්යක්ෂම කර, ගුණාත්මක සේවාවක් මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩපිළිවෙලට අනුගතව දුම්රිය එන්ජින් රියදුරු සහායක iii ශ්‍රේණියට බඳවා ගනු ලැබූ 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය අද (14) සිදුකර තිබේ.
නව පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ප්‍රදානය නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුම්රිය ශ්‍රවණාගාරයේ දී සිදුකර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාවන් විධිමත්ව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත බලගැන්වීම යටතේ මේ වසර තුල පමණක් විවිධ තනතුරු සඳහා 1,500 ක පමණ සේවක පිරිසක් බඳවාගෙන ඇති බව සඳහන්වේ.
2027 වසර සඳහා ද දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, තාක්ෂණ නිලධාරීන් ඇතුළු පුරප්පාඩු සඳහා අනුමත තරග විභාග මත පදනම්ව බඳවාගැනීම් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.



















































