
හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවක එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දකුණු ඉරානයේ කේෂ්ම් (Qeshm)දූපත අසලදී අද (13) අලුයම 5ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව එරට නිලධාරීන් තහවුරු කර ඇත.
කෙසේවෙතත්, ප්‍රහාරයට ලක්වූ නෞකාව පිළිබඳ හෝ ප්‍රහාරය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.



















































