header logo
Vallibel FD
Selan Bank
සයුරෙන් එතෙර
ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක්
ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 25ක්
Mobitel 1278

ලෝක ඉතිහාසයේ දැවැන්තම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි ද්විත්වය සහ වොෂින්ටන් නුවර පෙන්ටගනය වෙත එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයයි.

9/11 ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන එම දැවැන්ත ප්‍රහාරය එල්ල කර අදට වසර 25ක් ගතවී අවසන් ය.

මගී ප්‍රවාහන ගුවන්යානා හතරක් යොදාගනිමින් එල්ල කළ 9/11 ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරයේ ඉලක්කය වූයේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ උතුරු කුලුන වන අතර එරට වේලාවෙන් පෙරවරු 8.46 ට එම ප්‍රහාරය එල්ල විය.

ඉන් මිනිත්තු 17 කට පසු එනම් පෙරවරු 9.03ට එහි දකුණු කුලුන වෙතද ප්‍රහාරයක් එල්ල වූයේ තවත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් යොදාගෙන ය.

පළමු ප්‍රහාරයෙන් පැයයි විනාඩි 45කට ආසන්න කාලයක් තුළ මහල් 110කින් සමන්විත වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ද්විත්වයම කඩා වැටුණි.

නිව්යෝර්ක් ප්‍රහාරයේ උණුසුම පහව යාමටත් මත්තෙන් අමෙරිකානු ආරක්ෂාවේ මර්මස්ථානය ලෙස සැලකෙන පෙන්ටගනය එනම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වෙත ද තවත් ගුවන්යානයක් යොදාගෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඒ පෙරවරු 9.37ටය.

මෙම ප්‍රහාර තුනට සමගාමීව තවත් ගුවන්යානයක් එරට පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ හුදකලා කලාපයක් වෙත කඩා වැටුණි. ඉන් මගීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ යානය පැහැරගැනීමට උත්සාහ කළ ත්‍රස්තවාදීන් ඇතුළුව 44 දෙනෙක් මියගියහ.

එම යානය භාවිත කර ධවල මන්දිරය වෙත ප්‍රහාරයක් එල්ල කිරීම ත්‍රස්තවාදී සැලසුම වන්නට ඇතැයි සැක කෙරුණි.

කෙසේ නමුත් යානය ඊට පෙර කඩා වැටී ඇත්තේ යානයේ සිටි මගීන් නිර්භීතව යානය පැහැරගැනීමට පැමිණි පිරිස සමඟ සටන් වැදීම හේතුවෙන් බව පසුව අනාවරණය වී තිබේ.

අමෙරිකාවට ඩොලර් බිලියන 10කට ආසන්න මූල්‍ය හානියක් සිදුකරමින් එල්ල වූ 9/11 ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 2,977කි.

ඒ පිරිස අතරට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහ පෙන්ටගන්යේ රැඳී සිටි පුද්ගලයින් මෙන්ම එම ගුවන්යානාවල සිටි පිරිසද අයත් ය.

ඊට අමතරව ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ද මිය ගොස් තිබුණි.

ප්‍රහාරය පිටුපස සිටි මහමොළකරු ලෙස සැලකුණේ අල්කයිඩා සංවිධානයේ එවක නායක ඔසාමා බින් ලාඩ්න් ය.

ලෝක දේශපාලන සිතියම වෙනස් කළ ප්‍රධානතම ප්‍රහාරය ලෙස සැලකෙන සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකාව ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය සටනක් ආරම්භ කළේ ය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අමෙරිකානු හමුදාව එහි තිබූ තලෙයිබාන් පාලනය පෙරළා දමන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana