
චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ වරායක නවතා තිබූ විදේශ ධජයක් සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබේ.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ නෞකාවේ පුද්ගලයින් 42 දෙනෙකු සිට ඇති අතර, ඉන් 17 දෙනෙකු නෞකාවෙන් ඉවත් කරගෙන ඇති බවය.
එම පිරිසෙන් පස්දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව සඳහන් වේ.
චීනයේ ක්විංඩාඕ නගරයේ නැව් අලුත්වැඩියා මධ්‍යස්ථානයක නඩත්තු කටයුතු සිදුකරමින් තිබියදී ඊයේ පෙරවරු 11.15ට පමණ ගින්න හටගෙන තිබේ.
පැය තුනකට අධික කාලයක් ගතවීමෙන් අනතුරුව ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය මාධ්‍ය මගින් නිකුත් කළ ඡායාරූප අනුව, එම නෞකාව මීටර් 190ක් දිග “Ocean Melody” නමැති ලයිබීරියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බවට හඳුනාගෙන තිබේ.
නෞකාව පසුගිය අගෝස්තු 31 වනදා ක්විංඩාඕ වරායට පැමිණ ඇති බවද වාර්තා වේ.



















































