
අර්ධ-සන්නායක (semiconductor) තාක්ෂණයට අදාළ ඔත්තු බැලීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, චීන සහ බෙල්ජියම් යන රටවල් දෙකෙහිම පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු මැයි මාසයේ සිට පූර්ව-විභාග රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවාගෙන සිටින බව බෙල්ජියම් නීතිපති අංශ පවසයි.
මොහු 2024 ජූලි මාසයේදී බංකොලොත් බව ප්‍රකාශයට පත් කරන ලද 'ගැලියම් නයිට්‍රයිඩ්' (gallium nitride) අර්ධ-සන්නායක නිෂ්පාදනයෙහි විශේෂඥතාවක් දැක්වූ බෙල්ජියම් microchip නිෂ්පාදන සමාගමක් වන 'Belgan'හි ඉහළ තනතුරක් දරා තිබූ බවද සඳහන් ය.
ඔහු අදාළ සමාගමට සම්බන්ධවී මාස කිහිපයකට පසුව පිහිටුවන ලද සහ චීන ආයෝජන අරමුදලක් මගින් මූල්‍ය පහසුකම් සපයන ලද, එම වර්ගයේම චිප් නිෂ්පාදනය කරන චීන සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙසද එකවර කටයුතු කර ඇති බවට සැක කරයි.
එම තනතුරේ සිටියදී, විදුලි වාහන, අභ්‍යවකාශ කටයුතු සහ හමුදා කටයුතු සඳහා භාවිත කෙරෙන ගැලියම් නයිට්‍රයිඩ් චිප් නිෂ්පාදනයට අදාළ විශේෂිත බුද්ධිමය දේපළ සහ ව්‍යාපාරික රහස් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත හුවමාරු කර ඇති බවටද බෙල්ජියමය සැක පළ කරයි.
මොහු බීජිං බලා ගමන් කිරීමට සූදානම්ව සිටියදී සැවෙන්ටෙම් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.



















































