
ගල්ෆ් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු කලාපයේ ඉරාන - අමෙරිකා යුද ගැටුම් තීව්‍ර වීමතක් සමග වෙළෙඳ නෞකා රැසකට ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එහි ආසන්නම සිදුවීමක් ලෙස ඉරාක මුහුදු සීමාවේදී ද එරට සිට ඉන්ධන රැගෙන යමින් තිබූ නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉරාක වරාය නිලධාරීන් තහවුරු කර ඇත්තේ, පැනමා ධජය යටතේ යාත්‍රා කළ 'New Andros' නමැති ඉන්ධන නෞකාව මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවය.
ඉන්ධන බැරල් මිලියන 2ක් පමණ පටවා තිබූ එම නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව සම්පූර්ණයෙන් ගිනිගැනීමටද ලක්ව ඇත.
කෙසේ වෙතත් එහි සිටි 22ක් වූ කාර්යය මණ්ඩලය නිරුපද්දිතව බේරාගෙන ඇති බව සඳහන්.
එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සඳහන් කළේ, උතුරු ගල්ෆ් සහ ඕමාන් ගල්ෆ් කලාපයේ යාත්‍රා කරමින් තිබූ වෙළෙ නැව් කිහිපයකටද රැය පුරා එල්ල වූ ප්‍රහාර හේතුවෙන් එම නෞකාව අක්‍රිය වී ඇති බවය.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෂීඩ් වරායට නාවික සැතපුම් 24ක් දුරින් නැංගුරම් ලා තිබූ නෞකාවකට ද නාඳුනන ප්‍රහාරයක් එල්ල වී ඇත. එම ප්‍රහාරයෙන් පසු අදාළ නෞකාව ගිලෙමින් පවතින බව වාර්තා වේ.
පසුගිය මාස 6 පුරා පැවැති යුධමය වාතාවරණයෙන් පසු ගල්ෆ් කලාපයේ සිදුවූ විශාලතම ප්‍රහාර මාලාව මෙය ලෙසින් සැලකේ.
ගතවූ කාලය තුළ අමෙරිකාව විසින් ඉරාන ඉන්ධන නෞකා 5ක් ගිල්වා දමා ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී නෞකා 10කට ප්‍රහාර එල්ල කර ඇත.

















































