
බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 ආසන්නයට පැමිණ තිබේ.
මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවදුරටත් වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස අඛණ්ඩව සිව්වැනි දිනටත් ඉහළ ගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්ත කරයි.
අද මුල් ගනුදෙනුවලදී බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් එකකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති අතර, ඉරානය ගල්ෆ් කලාපයේ අමෙරිකානු හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර එල්ල කිරීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇත.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.49ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.57ක හෙවත් 1.6%ක වර්ධනයකි.
අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.63ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඩොලර් 1.60ක හෙවත් 1.72%ක ඉහළ යාමකි.
අගෝස්තු මස මුල සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් තිබේ.

















































