
සෞදි අරාබිය පදනම් කරගත් Alfanar සමූහය, ඉන්දියාවේ පිහිටි තම සුළං නිෂ්පාදන අනුබද්ධ සමාගම වන Senvion වෙත ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කිරීමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සමාගමේ නිෂ්පාදන ශක්තිමත් කිරීම සහ ගෝලීය ව්‍යාප්තිය වේගවත් කිරීම මෙම ආයෝජනයේ ප්‍රධාන අරමුණ බවද පැවසෙයි.
මෙම ආයෝජනය හරහා සමාගමේ දීර්ඝ කාලීන නිෂ්පාදන සැලසුම් සංවර්ධනය කිරීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට සහ ඉදිරි ව්‍යාපෘති සාර්ථක කර ගැනීමටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව, 2014දී ගිගාවොට් 21ක් ලෙස පැවති ඉන්දියාවේ සුළං බලශක්ති ධාරිතාව මේ වනවිට ගිගාවොට් 58 ඉක්මවා තිබේ.
ඒ අනුව 2030 වසර වනවිට පොසිල නොවන බලශක්ති ධාරිතාව ගිගාවොට් 500 දක්වා ඉහළ නැංවීම ඉන්දියාව ඉලක්ක කර ඇත.

















































