
ශාන්තිකර සාගර කලාපයේ එකමුතුව බිඳවැටෙමින් ඇති බවට මත පළවෙමින් ඇති පසුබිමක තායිවානයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.
තායිවානය පෙන්වා දෙන්නේ නියෝජනය වන මට්ටම්වල වෙනස්කම් පැවතීම සාමාන්‍ය දෙයක් බවත්, එය පමණක් පදනම් කරගනිමින් ශාන්තිකර කලාපයේ එකමුතුකම බිඳවැටී ඇති බවට නිගමනය නොකළ යුතු බවය.
තායිවානය 1993 වසරේ සිට සංවර්ධන පාර්ශ්වකරුවෙකු ලෙස ශාන්තිකර දූපත් සමුළුවට අදාළ ක්‍රියාවලීන් සඳහා සක්‍රියව දායක වෙයි.
ශාන්තිකර කලාපීය කටයුතුවලට භූ-දේශපාලනික තරගකාරීත්වයක් එක්කිරීමට සහ කලාපීය පොදු එකඟතාවන්ට බාධා කිරීමට චීනය දරන උත්සාහයන් කෙරෙහි ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු විය යුතු බවද තායිවාන පෙන්වාදී තිබේ.
පසුගිය සතියේ පැවැති 55 වන ශාන්තිකර දූපත් සමුළුවට අනුබද්ධිත වැඩසටහන් සඳහා තායිවාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පලාවු රාජ්‍යයේ සංචාරයක නිරතවී තිබුණි.
තායිවාන පුවත්පත් වාර්තා අනුව, තායිවාන නිලධාරියෙක් මෙම අදහස් පළකර ඇත්තේ එම සංචාරයෙන් අනතුරුවය.
කෙසේවෙතත් තායිවානයේ මැදිහත්වීම ශාන්තිකර කලාපයේ ප්‍රමුඛතාවන්ට සහාය වීම සඳහා මිස, තායිවානය හෝ චීනය අතරින් එකක් තෝරා ගැනීමට එම රටවලට බලපෑම් කිරීමට නොවන බවද තායිවාන පාලනය අවධාරණය කරයි.

















































