
මෙක්සිකෝවේ නගරයක ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබු ගබඩාවක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දස දෙනෙකු මියගොස් තිබේ.
ආගමික උත්සවයක් අතරතුර පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහිදි තවත් පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පිපිරීමත් සමඟ ඒ ආසන්නයේ තිබූ තවත් ගොඩනැගිලි කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

















































