
අමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන ගිනිගැනීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පුවර්ටෝරිකෝ හි සැන් ජුවාන් සිට පැමිණි මෙම ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී ධාවන පථයෙන් ඉවතට පැන අසල පිහිටි ගබඩා සංකීර්ණවල සහ මාර්ගයේ තිබූ වාහන කිහිපයක ගැටී තිබේ.
කෙසේ වෙතත්, මියගිය පිරිස ගුවන් යානයේ සිටි අයද නැතහොත් අනතුරට ලක්වූ වාහනවල සිටි අයද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

















































