
මධ්‍යම ජපානයේ ගිෆු ප්‍රාන්තයේ වෙළෙඳසැලක ඇති වු ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහල් දෙකකින් සමන්විත ගොඩනැගිල්ලේ ඊයේ (06) රාත්‍රී කාලයේ මෙම ගින්න හට ගෙන ඇති බවයි.
ගින්නට හසුවීමෙන් වෙෙළඳසැලේ හිමිකාරිය ද මියගොස් තිබේ.
මෙම ගින්න කවුරුන් විසින් හෝ සිදුකරන ලද ක්‍රියාවක් ද යන්න සම්බන්ධයෙන් සැක පල වී ඇති බව ජපාන පොලීසිය පවසයි.

















































