
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යයැයි කියූ ජනමත විචාරණය 22 වන සංශෝධනය අකැප ඇයිදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමිනි.
අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමතවිචරණයක් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත් වර්තමානයේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ආණ්ඩුවේ පිරිස් පවසන බවත් පෙර මෙන් 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වී නීතියේ ආධිපත්‍ය වල් වැදෙන බවය.
දෛනිකව සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් නීතියේ ආධිපත්‍ය අවම වී ඇති රටේ 22 වැනි සංශෝධනයෙන් එය නැත්තටම නැති වන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

















































