
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (04) සහභාගි වේ.
රුමේෂ් සහභාගි වන මෙම ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12යි 10ට ආරම්භ වීමට නියමිතය.
2026 ඩයමන්ඩ් ලිග් තරගාවලිය අදියර 15කින් සමන්විත වූ අතර මේ සඳහා ලොව සිටින දක්ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණි.
වසර පුරා පැවැති ඩයමන්ඩ් ලීග් අදියර තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ප්‍රසාද ලකුණු පදනම්ව අවසන් තරගයට සුදුසුකම් ලබන ක්‍රිඩක ක්‍රීඩකාවන් තීරණය කෙරුණි.
මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අදියර කිහිපයකට එක්වීමට රුමේෂ් තරංගටද හැකියාව ලැබුණි.
ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රබාත්, රෝම, දෝහා, ලොසෑන් සහ සූරිච් අදියර සඳහා එක් වූ රුමේෂ් තරග එහිදී ප්‍රථම ස්ථාන 4ක් සහ දෙවන ස්ථානයක් දිනා ගත්තේ ලෝක මලල ක්‍රීඩා පිටිය උඩියටිකුරු කරමිනි.
එහිදී රුමේෂ් තරංග රෝම අදියරේ මීටර 92යි දශම 6යි 2ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මෙම වසරේ දැවැන්තම හෙල්ල විසිකිරීමද වාර්තා කළේය.
ඒ අනුව අදියර 5කට එක් වූ රුමේෂ් තරංග වාර්තාගත ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 39ක් ලබා හෙල්ල විසි කිරීම ඉසව්වේන් පෙරමුණ ගනිමින් මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ රුමේෂ් තරංග සහභාගි වන පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව අවසන් තරගය මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රී 12යි 10ට ආරම්භ වීමට නියමිතය.

















































