
නේපාල ඛේදවාචකයෙන් දින 10කට පසු උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ.
මෙම ඛේදවාචකයෙන් මේ වන විට පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, තවත් 5,600 කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටී.
නේපාල හමුදාව ප්‍රකාශ කළේ ත්‍රිශූලි ගඟ ආශ්‍රිත ජල විදුලි ව්‍යාපෘතියක උමඟක් තුළ සිරවී සිටියදී මෙම චීන ජාතිකයා මුදාගත් බවය.
එමෙන්ම ඊයේ (04) දිනයේ ද එම උමඟෙන්ම නේපාල ජාතිකයින් දෙදෙනෙකු මුදාගැනීමට එම සහන කණ්ඩායම් සමත් විය.

















































