
ෆෝක්ලන්ඩ් දූපත් ආර්ජන්ටිනාවට අයත් බවත්, ඒ හේතුවෙන් දූපත් ආසන්නයේ තෙල් ගවේෂණය කිරීමට සූදානම් වන සමාගම්වලට සම්බාධක පනවන බවටත් ආර්ජන්ටිනා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයත් මතුව තිබේ.
ෆෝක්ලන්ඩ් දූපත් එංගලන්තයට අයත් විදේශ ප්‍රදේශයක් වන අතර, ඊට ස්වයං පාලන බලයක් හිමිය.
මේ අතර ෆෝක්ලන්ඩ් දූපත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයට තවදුරටත් සහාය දක්වන්නේද යන්න සලකා බලමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඉරාන යුද්ධයේදී, බ්‍රිතාන්‍ය අමෙරිකාවට සහාය නොදීම ඊට හේතුවී ඇති බව සඳහන්ය.
ජනපති ට්‍රම්ප්ගේ සමීපතම දේශපාලන මිත්‍රයෙකු වන ආර්ජන්ටිනා ජනපතිවරයා, මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ මෙවන් පසුබිමකය.
දකුණු අත්ලාන්තික් සාගරයේ දකුණු අමෙරිකානු මහද්වීපයට නැගෙනහිරින් පිහිටි ෆෝක්ලන්ඩ් දූපත්, නැගෙනහිර ෆෝක්ලන්ඩ් සහ බටහිර ෆෝක්ලන්ඩ් යන ප්‍රධාන දූපත් දෙකකින් සහ තවත් කුඩා දූපත් 740කට අධික ප්‍රමාණයකින් සමන්විතය.

















































