
චීනයේ ජියැංෂි පළාතට බලපා ඇති අධික වර්ෂාපතනය හමුවේ සිදුවූ නායයාමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු අතුරුදන් ව තිබේ.
අද (05) අලුයම ජියැංෂි හි සුයිචුවාන් ප්‍රාන්තයේ ගාඕපින් නගරයේ මෙම නායයාම සිදුව ඇත.
මේ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 12කට දැඩි හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකය.

















































