
බිහිසුණු ජල ගැලීමක් හේතුවෙන් ඛේදවාචකයකට මුහුණ දුන් නේපාලය වෙත තවත් මානුෂීය ආධාර තොගයක් ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
ඒ අනුව සහනාධාර ටොන් 21.5ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් 6වන සහ 7වන විශේෂ ගුවන් යානා දෙකද මේ වනවිට කත්මණ්ඩු නුවරට පැමිණ ඇත.
අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කට්ටල මෙම නවතම සහනාධාර තොගයට ඇතුළත් බව සඳහන්ය.
අදාළ ආධාර තොගය නේපාලයේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාරදී තිබේ.

















































