
චීනය විසින් සිය දේශසීමා හරහා සිදුවන ජන සංක්‍රමණ පාලනය කිරීම සඳහා නව නීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට ප්‍රතිචාර දක්වමින් තායිවානය පවසා ඇත්තේ, චීනයේ සංචාරය කරන කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා අමතර පියවර ගන්නා ලෙස සිය සංචාරක ආයතන වෙත උපදෙස්දී ඇති බවය.
චීනය මෙම නව දේශසීමා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 15 වනදා සිට බවද වාර්තා වෙයි.
මේ හේතුවෙන් චීනයට පැමිණෙන තායිවාන පුරවැසියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සලකා බලා තායිවානය මෙම පියවර ගෙන තිබේ.
තායිවානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ චීනය, හොංකොං සහ මැකාවු වෙත සංචාරය කරන තායිවාන ජාතිකයන් සඳහා වූ රජයේ පද්ධතිය හරහා තම සංචාරක තොරතුරු ලියාපදිංචි කරන ලෙසය.

















































