
ජලගැලීම සිදුවී දින 9කට පසුව නේපාලයේ විදුලි බලාගාරයක උමඟක් තුළ කොටුවී සිටි කම්කරුවන් දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට සහන සේවකයින් අද (04) සමත් වී තිබේ.
නේපාලයේ පසුගියදා සිදුවූ ප්‍රබල ජලගැලීම අතරතුර ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක උමඟක් තුළ කොටු වූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස නිරුපද්‍රිතව මුදාගැනීමට සෙවීම් කණ්ඩායම් සමත්ව ඇත.
මෙලෙස මුදාගෙන ඇත්තේ ත්‍රිෂූලි ත්‍රී A විදුලි ව්‍යාපෘතියේ සේවයේ නිරතව සිටි සංජය ශා සහ කබීර් මහර්ජන් යන කම්කරුවන් දෙදෙනාය.
ඔවුන් පසුව ගුවන් මගින් රෝහල් වෙත යොමු කෙරුණි.
ජලගැලීම සිදුවූ දින 9කට පසුව ඔවුන් මෙලෙස මුදාගැනීම ආශ්චර්යක් ලෙසයි ඇතැමුන් විස්තර ඇත්තේ.
පිටාර ගලාගිය ත්‍රිෂූලි ගංගාව පාදක කරගෙන විදුලි බලාගාර රැසක් සහ සංකීර්ණ උමං පද්ධතියක් පවතින අතර ත්‍රිෂූලි ත්‍රී A යනු ඉන් එක් බලාගාරයකි.
සෙවීමේ කණ්ඩායම් පවසන්නේ ඒ තුළ තවත් පුද්ගලයින් 42 දෙදෙනෙක් පමණ කොටුවී සිටින බවය.
ගංගාව දෙපස ඇති විදුලි ව්‍යාපෘති 6ක උමං තුළ කම්කරුවන් විශාල පිරිසක් කොටුවී සිටින බවට සැකකෙරෙන අතර, ඔවුන් සොයා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් ද පවතී.

















































