
වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පිරිස 96,000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කරනුයේ දිවයිනේ දිස්ත්‍රික්ක 06ක පුද්ගලයින් 96,584ක් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවය.
ඒ අනුව අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 29,584කට අයත් පුද්ගලයින් 94,356ක් මෙලෙස පීඩාවට පත්ව ඇත.
වියළි කාලගුණය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පවුල් 11,751ක් පීඩාවට පත්ව තිබේ.
මේ අතර වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස සඳහා පානීය ජලය බෙදා හැරීමේ කටයුතුද අඛණ්ඩව සිදුවෙමින් පවතී.
ඒ අනුව ආපදාවට ලක්වූ දිස්ත්‍රික්ක 6හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28 සඳහා පානිය ජලය බෙදා හැරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

















































