
රුපියල් ලක්‍ෂ දෙකක් පමණ වටිනා මත්පෙති තොගයක් සමග කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
35 හැවිරිදි වියේ පසුව ඇය සමිට්පුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය සතුව තිබී මත්පෙති 1,000ක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක පහේ නිලධාරීන් වැටලීම් රාජකාරී යෙදී සිටියදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදි සිදුකළ පරික්ෂාවේදී මෙම මත්පෙති තොගය සොයාගැනීමට හැකිව තිබේ.
ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ අනුමත බලපත්‍රයක් නොමැතිව මත්පෙති සන්තකයේ තබා ගැනීමේ වරද යටතේ ඇය අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව අද (4) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































