header logo
SLIC
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් වාර්තාවක්
1h ago
ශ්‍රී ලංකාව ගැන හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් වාර්තාවක්
Mobitel 1278

මෙරට වත්මන් ආණ්ඩුව අතීතයේ සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුළු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

මෙරට සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව සඳහන් කළේය.

අදාළ වාර්තාවෙන් තවදුරටත් අවධාරණය කරන්නේ, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් සහ සෙසු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඵලදායි ලෙස චෝදනා ගොනු කෙරෙන බව සහතික කිරීමට මෙරට රජයන් අසමත්වී ඇති බවය.

වින්දිතයින් තිස් දෙදෙනෙකු, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්, නීතිඥයින් සහ සෙසු මානව හිමිකම් ක්‍රියාකාරීන් සමග පැවැත්වූ සාකච්ඡා, අධිකරණ ලේඛන සහ සෙසු මූලාශ්‍ර පුළුල් ලෙස සමාලෝචනය  කර මෙම වාර්තාව නිකුත් කර ඇත.

1987-1989 කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සහ 2009 වසරේදී අවසන් වූ සිවිල් යුද්ධය අතරතුර රජයේ ආරක්ෂක අංශය සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් දස දහස් ගණනක් ජනතාව වධහිංස පමුණුවා, බලහත්කාරයෙන් අතුරුදන් කර, පැහැරගෙන ගොස් මරා දමන ලදී.

1990 ගණන්වල සිට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් කොමිෂන් සභා 10කට වඩා පත් කෙරුණ ද මෙරට අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කර ගැනීම අසාර්ථකවී ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි.

චෙම්මනි සමූහ මිනීවලෙන් ඇටසැකිළි 580කට වැඩි ප්‍රමාණයක් හමුවීමම අතීතයේ සිදු වූ බරපතළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වසනීය ස්වාධීන විමර්ශනයක අවශ්‍යතාව නැවත වරක් පෙන්නුම් කරනු ලබයි.

මෙම වාර්තාවෙන් ඔවුන් අවධාරණය කර ඇත්තේ, චෙම්මනි සමූහ මිනීවල මෙරට හමූවූ විශාලතම සමූහ මිනීවල වන අතර වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සමූහ මිනීවල සම්බන්ධයෙන් දේශීය විමර්ශනයක විශ්වසනීයත්වය සම්බන්ධයෙන් සැක පළ කරන බවය.

තවද 2006 වසරේදී මූතුර්හිදී 'ඇක්ෂන් අගේන්ස්ට් හන්ගර්' මානුෂීය සහන සංවිධානයේ ස්වේච්ඡා සේවකයින් 17 දෙනෙකු ඝාතන කර විසි වසරක් ගතවී තිබුණ ද එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමේ කිසිදු ප්‍රගතියක් අත්කරගෙන නොමැත.

මේ අතර පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ සිද්ධිය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ කීත් නොයාර් පැහැරගෙන යාම ඇතුළු ප්‍රධාන සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩු සුළු ප්‍රගතියක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් බොහෝ සිද්ධීන් සම්බන්ධයෙන් අවසන් නීතිමය ප්‍රතිඵලයක් ලැබී නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙයි.

කෙසේවෙතත් බොහෝමයක් සිදුවීම් සම්බන්ධයෙන් තවමත් චෝදනා ගොනුකර නොමැති බවත් එම සිදුවීම්වලට වගකිව යුත්තන්ට තවමත් දඬුවම් ලැබී නොමැති බවත් එම සංවිධානය අවධාරණය කළේය.

අතීතයේ පත්කළ කොමිෂන් සභා ගණනාවක් මගින් ලබාදුන් නිර්දේශ ද වින්දිතයන්ට යුක්තිය ලබා දෙන නඩු පැවරීම් බවට පත්වී නොමැති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි. 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි