
නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස 20,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 7,500ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නේපාල - ටිබෙට් දේශ සීමාවට ආශ්‍රිතව පසුගිය 26 වනදා ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 1252ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 4,200ක් පමණ වන බව නේපාල රජය පවසා තිබේ.

















































