header logo
SLIC
උණුසුම් පුවත්
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාවක්
3h ago
කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාවක්
Mobitel 1278

ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර ඇති ඉන්දු-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් අද (03) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් මෛත්‍රී කුල්කර්නි මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊට සහභාගී වූහ.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන්ද සාකච්ඡාවට එක්ව තිබේ.

මෙහිදී යෝජිත අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, දෙපාර්ශවය විසින් ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර එකඟතාවන්ට පැමිණ ඇති බව සඳහන් වේ.

කන්කසන්තුරේ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවා මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කටයුතුද තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සඳහා ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමටද යෝජනා වී තිබේ.

සාකච්ඡාවේ ප්‍රගතිය ඉතා ඉක්මනින් ඉන්දීය රජයට ඉදිරිපත් කර අවසන් තීරණයක් කඩිනමින් ලබාදීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟතාව පළ කර ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් ඉන්දියාව සහ උතුරු ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම, උතුරු ප්‍රදේශයේ වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

එමෙන්ම, ව්‍යාපෘතියේ ප්‍රතිලාභ උතුරු ප්‍රදේශයේ ජනතාවටද හිමිවන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

2026 පෙබරවාරි මාසයේදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කන්කසන්තුරේ වරායේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන් සහ වරාය අධිකාරියේ කළමනාකාරීත්වයට උපදෙස් ලබාදී තිබිණි.

එහිදී ඉදිරි කෙටි කාලය තුළ අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි