
වවුනියාව, සාලම්බකුලම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව පූවරසන්කුලම පොලීසිය පවසයි.
ඊයේ (02) රාත්‍රියේ මන්නාරම සිට වවුනියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිව, වවුනියාව-මන්නාරම ප්‍රධාන මාර්ගය අසල තිබූ පලතුරු අලෙවි සැලක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ වෙෙළසැලේ සේවය කරමින් සිටි දෙදෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලම්බකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි අයෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පූවරසන්කුලම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

















































