
ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රගමනය වෙනුවෙන් පත්ල පහත් බස් රථ 7ක් පරිත්‍යාග කර ඇත.
ජපන් රජයේ සහ ජපාන යොකොහමා නගර වැසියන්ගේ ඒකාබද්ධ පරිත්‍යාගක් ලෙස මෙරටට ප්‍රදානය කරන ලද නව බස්රථ හත ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා මහතා අතින් සිදුකෙරුණි.

















































