
බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සිව්දින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී ධුරයට පත්වීමෙන් පසු බෙල්ජියම් අගමැති ඉන්දියාවේ නිරත වන පළමු නිල සංචාරය මෙය වෙයි.
බෙල්ජියම් ආරක්ෂක අමාත්‍යවරයාද මෙම සංචාරයට එක්ව සිටින අතර, අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ඉන්දිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සංජේ සෙත් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම සංචාරය මගින් ඉන්දියාව සහ බෙල්ජියම අතර පවතින බහුවිධ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාව සැලසෙන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

















































