
අමෙරිකාව සහ ඉරානය අතර යළිත් උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මැදපෙරදිග යුද තත්ත්වය දිග්ගැස්සීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උත්සන්න වී ඇති තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම පිළිබඳ අවදානම් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96කට ආසන්න වී ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 92ක් දක්වා ඉහළ ගොස් තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා ඇති වුවහොත්, ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවට ද වෙළෙඳපොළ තුළ අවධානය යොමුව තිබේ.

















































