
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සඳහන් කර ඇත්තේ, ජෝර්දානයේ ගල්ෆ් ඔෆ් අකාබා ආශ්‍රිතව පිහිටි Camp Titin නම් අමෙරිකානු මැරීන් බලකා කඳවුර ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
කෙසේවෙතත්, ජෝර්දාන හමුදාව පවසන්නේ ඉරාන භූමියෙන් එල්ල කළ බැලස්ටික් මිසයිල 10ක් විනාශ කර දැමීමට හැකි වූ අතර තවත් මිසයිල 3ක් ජනශූන්‍ය ප්‍රදේශවලට පතිත වූ බවය.
සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවද සඳහන් වේ.
මේ අතර, කුවේට් හමුදාවද අද අලුයම “සතුරු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර” සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සිටින බව නිවේදනය කර තිබේ.
කලාපයේ අමෙරිකානු සහ ඉරාන හමුදා අතර ගැටුම් යළිත් උත්සන්න වී ඇති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත තත්ත්වය හේතුවෙන් ගෝලීය තෙල් වෙළඳපොළටද බලපෑම් එල්ල වී තිබේ.

















































