
2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් වන අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3%ක පහළ යාමකි.
අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,253ක්.
එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 19,588ක්, චීනයෙන් 12,321ක් සහ ජර්මනියෙන් 11,405ක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව, 2026 ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,535,122ක් ලෙස වාර්තා වේ.

















































