
වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙනුයේ එය පසුගිය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 59.9%ක ඉහළ යෑමක් වන බවය.
මේ අතර මාසික ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී පසුගිය ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 453ක්ද වැය කර ඇති බව මහ බැංකුව මේ සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව අඩු වීමක් බව පෙන්වා දී ඇති අතර ඉන් සඳහන් කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 465ක් වැය කර ඇති බවය.
නමුත් මෙම වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ගිය 2025 වසරේ ඉන්ධන ආනයන වියදම වාර්ශික ලක්ෂ්‍යමය පදනම මත 68%කින් ඉහළ ගොස් ඇති බවත් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බොරතෙල් ආනයනය වී ඇති බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

















































