
අතුරුදන් වූ තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් පවුල්වල සාමාජිකයන් බලා සිටින පසුබිමක, නේපාල බලධාරීන් විසින් ගංවතුරෙන් මියගිය හඳුනා නොගත් සිරුරු තාවකාලික මිහිදන් කිරීමට කටයුතු කරමින් සිටියි.
නේපාලය සහ ටිබෙටය පුරා පුද්ගලයින් 1000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 5,000කට ආසන්න පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටිති.
විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෙවීම් සහ ගැලවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, මියගිය අය අතරින් හඳුනාගත නොහැකි වූ මළ සිරුරු සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.
මෙම සිරුරුවල DNA සාම්පල ගෙන ඇති අතර ඒ අනුව ඉදිරි හඳුනාගැනීමේ මෙහෙයුම් සිදුකරන බව සඳහන් වේ.

















































