
පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලට ඇදහැලුණු දැඩි මෝසම් වැසි හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.
ජල මට්ටම ඉහළ යෑම නිසා බලධාරීන් විසින් ප්‍රදේශයේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.
ප්‍රබල වැසි හේතුවෙන් ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වය නිසා නගරයේ ජනජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, බලධාරීන් විසින් ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ.

















































