
නේපාල - චීන දේශසීමා ප්‍රදේශයට පසුගිය සතියේ බලපෑ හදිසි ජලගැලීමෙන් මියගිය සංඛ්‍යාව 1,003 දක්වා ඉහළ ගොස් තිබේ.
දෙරටේ බලධාරීන් පවසන්නේ පුද්ගලයන් 4,471දෙනෙකු තවමත් අතුරුදන් බවය.
කෙසේවෙතත්, පුද්ගලයන් 11,379දෙනෙකු බේරාගෙන ඇති බව නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා පවසයි.
නේපාලයේ ජල විදුලි ව්‍යාපෘති සේවකයන් 279දෙනෙකු ද බේරාගෙන ඇති අතර තවමත් උමං මාර්ග තුළ සිරවී සිටින සේවකයන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකය.
මේ අතර නේපාලයේ පුද්ගලයන් 65,000කට පමණ හදිසි පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ සෞඛ්‍ය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර සිටී.

















































