
දිවයිනට බලපාලා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24ක පවුල් 25,647කට අයත් පුද්ගලයින් 81,929ක පුද්ගලයින් සංඛ්‍යාවක් පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට පත්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා පැවසුවේ මේ හේතුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග එක්ව මෙම පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය සැපයීමේ කටයුතු සිදුකරන බවය.
වියළි කාලගුණික තත්ත්වය යටතේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙකට බව පෙන්වා දුන් ඒ මහතා මීට අමතරව අම්පාර, බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කද වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ දී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය මග හැරීම සඳහා පානීය ජලය බෙදා හැරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
තවද ඉදිරියේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව පෙන්වා දුන් ඒ මහතා මීට අවශ්‍ය පරිදි ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත මුදා හරින බවද පැවසීය.
මේ දක්වාත් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් වහාම අදාළ වසම භාර ග්‍රාමසේවා නිලධාරියා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

















































