
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.
කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරිය්දේදී ගනු ලැබුණු තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළේය.

















































