
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය අද (31) දිනයෙන් අවසන් වේ.
අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා විසින් පසුගිය 18 වනදා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරන දේශපාගන පක්ෂ මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ දක්වා පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර ඊට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 3ක් බව වාර්තා වේ.

















































