
නේපාලයේ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ රසුවා ප්‍රදේශයේ හටගත් හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් ඉදි කෙරෙමින් පවතින ජල විදුලි බලාගාර උමං තුළ කම්කරුවන් 350කට අධික සංඛ්‍යාවක් සිරවී සිටින බවට අනාවරණය වී තිබේ.
ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව නේපාල ආපදා කලමනාකරණ අධිකාරියේ සෙවකයින් 10,000කට අධික පිරිසක් උමං තුළ සිරවූ කම්කරුවන් බේරා ගැනීම සදහා යොදවා ඇති අතර චීන සහ ඉන්දීය විශේෂඥයින්ගේ සහය ද ඔවුන් වෙත ලබා දී ඇති බව සදහන්.
එරට ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව විශාල යන්ත්‍ර අදාළ ප්‍රදේශවලට රැගෙන ගොස් උමං තුළ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් සහන කණ්ඩායම් ආරම්භ කර ඇත.
මෙම හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් නේපාලයේ විදුලි බලාගාර පද්ධතිවලින් සියයට 10කට අධික ප්‍රමාණයකට දැඩි ලෙස හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ.
නේපාල සහ ටිබෙට් දේශසීමාව ආසන්නයේ ඇති වූ භුමී කම්පාවක් හේතුවෙන් හිම කදු නාය ගොස් බොටේ කොෂි නමැති ගංගාව එකවර පිටාර ගැලීමෙන් 26 වනදා මෙම ආපදා තත්ත්වය හටගෙන තිබුණි.

















































