
ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් 250කට වැඩි පිරිසක් පළමුවරට මෙරටට පැමිණ තිබේ.
ඔවුන් ඊයේ (30) පස්වරු 04.30ට ජපානයේ නරීටා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
එම පිරිස පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම ජපාන සංචාරයකයන් සහ ආයෝජකයන් එළඹෙන 04වනදා මෙරටින් ආපසු පිටත්ව යාමට නියමිතය.

















































