
පුද්ගලයින් 260ක් පමණ රැගත් මගී යාත්‍රාවක් උතුරු සයිප්‍රස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ දී පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.
ගමනාන්තය වෙත යමින් සිටියදී දිවයිනට කිලෝමීටර කිහිපයක් ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී මෙම අනතුර සිදුව ඇති බවද වාර්තා වේ.
මෙම අනතුරින් අතුරුදන් වූවන් සෙවීමේ සහ බේරාගැනීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේදී යාත්‍රාවේ සැලකිය යුතු මගීන් පිරිසක් සිට ඇති අතර, සිදුවූ ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

















































